නාවික හමුදාව යාපනය ආශ්‍රිතව කළ මුර සංචාරයකින් කේරල ගංජා කිලෝග්‍රෑම් 300ක් සොයා ගැනේ

අද (02) දින යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ මුර සංචාරයක දී කේරල ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත. යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමුවී තිබේ.

එම යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැණුනු අතර, ඔවුන්ගෙන ලද තොරතුරකට අනුව තවත් ජාවාරම් කරුවන් දෙදෙනෙක් යාපනය, සංගුපිඩ්ඩි ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම කේරල ගංජා තොගය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *