නායකත්වය ගැන අවසන් තීරණයක් ගැනීමට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වෙන බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම හා, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ අරමුණින් මෙම හමුවීම පැවැත්වෙන බවටත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *