නාමල් රාජපක්ෂට සිතාසි

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු අමාත්‍යවරයකු වන පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා  සිතාසි නිකුත් කළේය.

විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනතුරුව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *