නාමල් කුමාර රිමාන්ඩ්

රංගන ශිල්පී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ යැයිකියන හඬ පටයක් සමාජ ගත කරමින් ක්‍රිස්තියානි භක්තිකයින් අතර  ආගමික වෛරයක් ඉස්මතු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් “නාමල් කුමාර”  සැකකරු ලබන 15දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකා පුර මහත්මිය නියෝග කළාය.

සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව  කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නත්තල් දිනයට පෙර දින (24)රන්ජන් රාමනායකගේ යැයි කියන හඬ පටයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රචාරය කරමින්, ක්‍රිස්තියානි ආගමිකයින් අතර වෛරයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *