නාගරික සංවර්ධන ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් නව නීති හතරක්

රජයේ නීති සම්පාදන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 වර්ෂය තුළදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් අලුතින් හඳුන්වා දීමට අපේක්ෂිත පහත සඳහන් නීති සහ සංශෝධන හඳුන්වා දීමට අපේක්ෂිත දැනට බලාත්මක නීති රජයේ නීති සම්පාදන වැඩසටහන – 2025ට ඇතුළත් කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

හඳුන්වා දීමට අපේක්ෂිත නව නීති මෙසේය.

* ජාතික පානීය ප්‍රජා ජල සංවර්ධන පනත.

* ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතන පනත.

* චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ හා ආදර්ශන මධ්‍යස්ථානය නීතිගතකිරීම සඳහා වන පනත.

* 2018 අංක 23 දරන බද්ධ නිවාස අයිතිවාසිකම් (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ද ඇතුළත් කරමින් සහාධිපත්‍ය දේපළ සඳහා පහසුකම් සැලසීම පිණිස වන නව පනත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *