නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති විසින් අගෝස්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට

අගෝස්තු 20 වැනිදින පැවැත්වීමට නියමිත 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ඒ අනුව පස්වරු 3.00ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිතයි.

එදින උදෑසන 9.30ට අභිනව පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් පසු මන්ත්‍රීවරුන් දිවුරුම හෝ ප්‍රතිඥා ලබා දීමද සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *