නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත්වීම් බාර ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) ඔවුන් වෙත භාර දුන්නේය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් අද (31) සිය ධුරවලින් විශ්‍රාම යාමට නියමිත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *