නව ත්‍රස්ත විරෝධී පනත එන මාසයේ එළියට

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් කරන බව එහි  සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි.

ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවේය.

පනත් කෙටුම්පතට ගෙන එනු ලබන සංශෝධන විමර්ශනාත්මකව දෙවැනි වරටත් පරීක්ෂා කෙරෙන  බවද සභාපතිවරයා පවසයි.

මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය  නීතිඥ  හර්ෂන නානායක්කාර මහතා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත  මෙම විද්වත් කමිටුව පත් කළේය.

නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීම, දේශිය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගතවීම මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *