නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉංගිරිය රයිගම, මිල්ලනිය (අදියර දෙක),පරන්තන්,වාලච්චේන,පුලියන් කුලම,ආරච්චකට්ටුව,තිහගොඩ, මාවතගම,ඇලයාපත්තුව සහ බිංගිරිය යන ප්‍රදේශ ආවරණය කරමින් මෙම කර්මාන්ත පුර ඉදි කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
එක් එක් ක්ෂේත්‍රයන් සඳහා කර්මාන්ත පුර වෙන් කරන්නට බලාපොරොත්තු වෙන බවත් එවිට එහි ඵලදායීතාව වැඩිකර ගන්නට හැකියාව ලැබෙන බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී එහි සැලැස්ම රටට ඉදිරිපත් කරන බව පැවසීය.