නව අභියාචනාධිකරණ විනිසුරු තිදෙනෙක් දිවුරති

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  දිවුරුම් දුන්‍හ.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුවරුන් ලෙස කටයුතු කළ ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර,  කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, සහ ඒ.ප්‍රේමශංකර් මහත්වරුන් අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද දිවුරුම් දීමෙි අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *