නල ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8,000 සිට රුපියල් 2,500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
පාරිභෝගිකයෙකු නව ජල සබඳතාවක් ගැනීමේදී රුපියල් 20,000ක මුදලක් ගෙවිය යුතු අතර එහිදී පළමු වාරිකය ලෙස රුපියල් 8,000ක් ගෙවීමට සිදුවේ. ඉතිරි මුදල වර්ෂයක් තුළ වාරික වශයෙන් ගෙවියයුතුව තිබුණි. කෙසේවෙතත් මූලිකව ගෙවිය යුතු මුදල රුපියල් 2,500ක් දක්වා අඩුකර ඉතිරි රුපියල් 17,500ක මුදල වර්ෂයක් තුළ වාරික වශයෙන් ගෙවාදැමීමට මේ හරහා පාරිභෝගිකයන්ට අවස්ථාව තිබේ.
මීට අමතර වර්ෂකයදී ලබාදෙන නව ජල සබඳතා ප්‍රමාණය 110,000 සිට 150,000ක් දක්වා වැඩිකිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.