ධම්මදස්සී අනුනාහිමි දේහය අස්ගිරි විහාරයට

ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරය සහ කටුගස්තොට ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරය යන විහාරයන්වල විහාරාධිපති  අපවත් වී වදාළ  ආණමඩුවේ ධම්මදස්සි අනුනායක හිමියන්ගේ දේහය අස්ගිරි මහ විහාරයේ තැන්පත් කර තැබීම සඳහා වැඩම කරනු ලැබූහ.

අනුනාහිමියන්ගේ දේහය පෙරේදා ඊයේ (21) වන දා රාත්‍රියේ සිට අද 22 සවස දක්වා උන්වහන්සේ අවසන් වරට වැඩ විසූ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබූහ.

නාහිමියන්ගේ දේහය අස්ගිරිය මහ විහාරයේ  24 වැනි  දා දහවල් දක්වා තැන්පත් කර තිබෙන අතර එදින (24) පස්වරුවේ දී අස්ගිරිය පොලිස් ක්‍රීඩංගණයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *