වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන්ට අද රටේ රැඳී සිටීමට සුදුසු පරිසරයක් නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා වෛද්‍යවරුන් බඳවා ගැනීමට මෙන්ම රඳවා ගැනීමටද කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.