ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමිමට පියවර ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් නව රජයට සිය සතුට හා කෘතඥතාවය ප්‍රකාශ කර සිටින බවද ඔවුහු පවසති. බලයට පත් වු සෑම රජයක්ම වැටුප් වැඩි කරදෙන බවට පොරොන්දු දුන් නමුත්, මැතිවරණ ජයග්‍රහණය කළ පසුව එම දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර තමන් රැවටූ බවත් වතු කම්කරුවෝ පවසති.
එහෙත් වත්මන් ජනාධිපතිවරයා සිය මැතිවරණයේදි වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ දමන බවට ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කිරිමට කටයුතු කිරීම පිළිඹද උඩරට වතු ජනතාව නව රජයට ස්තුතිය පළකරන බවත් මැතිවරණවලදී තම සහයෝගය නව රජයට ලබා දෙන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.