දේශීය ටයර් මිල අඩුවෙයි

මෙරට නිෂ්පාදනය කරන ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට ටයර් නිෂ්පාදකයින්ගේ සංගමයවෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සිය එකඟතාවය පළ කළහ.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  වෙළඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු අතර  එහිදී එම නිෂ්පාදකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ දැනට ආනයනය කරන ටයර් යම් සීමාවකට යටත් කළ යුතු බවය.

දේශීයව නිෂ්පාදනය කරන ටයර් රට තුළ තිබියදී  පිටරටින් ඒ වා ගෙන්වීම මගින් විදේශ විනිමය පිටරට ට ඇදී යන බව පෙන්වා දුන් ඔවුහු එම ධනය ඉතුරු කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියහ.

දේශීය ටයර් නිෂ්පාදකයා නගා සිටුවිමටත් පාරිභෝගිකයින් වෙත සහනදායි මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර්  ලබාදීම අරමුණු කොට දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය අමාත්‍යවරයා හා මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *