දේශිය ලූනු තොග මිල ඉහළට

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක  තොග  ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා  ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි​

ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූනු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක වරම දේශීය සහ විදේශීය ලොකු ලුනු මිල ඉහළ යාමට හේතු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  ඊයේ (20 ) උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම්  මිල රුපියල් 380-400 ත්  අතර තොග මිලක්  පැවැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට   දේශීය ලොකු ලුනු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූනු සඟවා තබාගෙන මිල ඉහළ යෑම දැමීම සිදුකර තිබෙන බවද කියති.

මිල  පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී  ලූනු අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටි අයගෙන් මිල විමසීමේදී සහ තොරතුරු විමසීමේදී ඔවුන් ද සනාථ කළේ ඔවුන් මීට පෙර ගොවීන්ගෙන් අඩු මුදලට මිලදී ගෙන ඒවා ගබඩා කර මිල ඉහළ යෑම නිසාවෙන් විකිණීමට රැගෙන ආ බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස් .සිරිවර්ධන මහතාගෙන් විමසීමේදී ඔහුද කියසිටියේ  මේ වන විට වර්ෂාපතනය සහ ඉතා ගුණාත්මකභාවයෙන් ඇති ලූනු නොමැති වීම නිසා හොඳ ලූනුවලට ඉහළ ඉල්ලුමක් පවතින බවයි

ඉදිරියේදී මිල යම් මට්ටමකින් තවදුරටත් ඉහල යා හැකි බව ඔහු අවධාරණය කළේය කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් යද්දී විදේශ රටවලින් ලොකු ලුනු ඇනවුම්කර තිබෙන බවත් ඒවා ලැබෙද්දී මිල පහත වැටෙනු ඇති බව ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *