දේශිය කර්මාන්තකරුවා නඟා සිටු වීමට බැඳී සිටිනවා – විමල්

ව්‍යවසායකයින්ට දරාගත හැකි සහන පොළී අනුපාතයක් යටතේ ණය ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරි කාලය තුළ ස්ථාපිත කරන බව කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (30) මාතර පැවති ජන රැළියක් අමතමින්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රත්පත්ති ප්‍රකාශනය අනුව, ස්වදේශික කර්මාන්තකරුවා නඟා සිටවන් බවත්, බදු ප්‍රතිපත්තිය තීරණය විය යුත්තේ ස්වදේශික ව්‍යාපාරිකයා හා ව්‍යසායකයා මත බවත්, එය ලෝක වෙළඳ සංවිධානයට අවශ්‍ය පරිදි සිදු කළ නොහැකි බවත් ඔහු පැවසීය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණ ඉතා කෙටි කාලයක් තුළ දී හඳුන්කූරු මෙරටට ගෙන්වීම නැවැත්වු බවත් පැවසු ඒ මහතා, වෙසක් කූඩුවත් පිරටින් ගෙන්වන තත්ත්වයකට රට ඇඳ වැටී තිබු බවත් කියා සිටියේය. ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය තීරණ රැසක් ජනාධිපතිවරයා ගනු ලැබු බවත්, ලංකාවේ කර්මාන්තකරුවාට දරා ගත හැකි පොලී අනුපාතයක් මත ණය ලබා ගැනීමට අවස්ථාව ඉදිරියේ දී රජය තුළින් ඇති කරන බවත් වීරවංශ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *