දේශබන්දු පිටින් කෑම ඉල්ලයි

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

මේ අනුව එම ඉල්ලීම බොහෝ දුරට ඉටුවනු ඇතැයි දැනගන්නට ඇත.

සාධාරණ හේතු ඉදිරිපත් කරමින් පිටතින් ආහාර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට රිමාන්ඩ් සිරකරුවන්ට  අයිතියක් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

වැලිගම හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *