දේශබන්දු නෙරපයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් ඊයේ (6) නෙරපා හරිනු ලැබීය.

පොලිස්පති ධූරයෙන් නෙරපා හැරී බව සදහන් කරමින් ලිපියක් ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතාට යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීම හේතුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශ්‍රාම වැටුප ආරක්ෂාව ඇතුළු සියලුම වරප්‍රසාද අහිමිව යන්නේය.

දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව වැඩි ඡන්ද 177කින් පාර්ලිමේන්තුවේදී පෙරේදා සම්මතවිය. මේ අනුව නෙරපීමේ යෝජනාව සම්මත වූ බව කතානායකවරයා ජනාධිපතිවරයාට  එදිනම ලිඛිතව දැනුම් දුන්නේය.

මේ අනුව පොලිස්පති ධූරය සඳහා නාම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බොහෝ දුරට අද දිනයේ යොමු කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති ධූරය සඳහා වැඩ බලන  පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ඇතුළු නම් හයක් රජයට යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *