දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා ඊයේ(19)  නියෝග කළේය.

ඇප ලබා දෙනවාද යන්න ගැන හෙට දින සලකා බලන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

එමෙන්ම  ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙසට ද නියෝග කෙරිණි.

ඒ අනුව පොලිස් ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් යටතේ දේශබන්ධු තෙන්නකෝන් මහතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියේය.

විවෘත වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා වරෙන්තුවෙන් දින 19කට පසු අද පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *