tiran

දේශබන්දුට විරුද්ධ අය ගැන ඇමති කළ හෙළිදරව්ව

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්‍රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන කුඩු ජාලයේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මාතර පොලිස් කොට්ඨාසයේ පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය අරගල සමයේ අරගල කරුවන් සමග ගැටෙමින් සිටි බැවින් පොලීසියට මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාලයක් නොතිබුණ බවත් මේ හේතුවෙන් එම ක්‍රියාකාරකම් රට තුල වර්ධනය වූ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *