දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා

මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කළ බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය එම වෑන් රථයද ඒ අසල දමා ගිනි තබා ඇතැයි  ද පවසයි.

යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා පළමුව වෑන් රථයේ හප්පා පසුව වෙඩි තබා ඇති බවට තොරතුරු ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පසුව වෑන් රථය අසල මාර්ගයකට දමා ඊට ගිනි තබා සැකකරුවන් පළා ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *