දෙමළ ජනතාවගේ ජාතික නායකයා ප්‍රභාකරන් – සිවාජිලිංගම්

දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන අතර, මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් ඉදිරියටත් පහන් දල්වන බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි.

තමන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝන දිනය වන කළු කොටි දිනය සමරනු ඇතැයි වූ බියසැක මත වැල්වැටිතුරෙයි පොලිසිය අත්අඩංගුවට ගත් බවත් සිවාජිලිංගම් මහතා සදහන් කරයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අත්අඩංගුවට ගැනීම පිළිබද අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *