දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි

දෙමටගොඩ  ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින්   අතින් පයින් හා පොලු වලින් පහරදී  ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අබ්දූල් ගපූර් මොහොමඩ්  සුලෙයිමාන් නැමති 45 හැවිරිදි පුද්ගලයෙකි.  පහරදීමට යොදාගත් පොල්ලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

වනාත මුල්ල සහස් පුර පදිංචි තරුණයන් පිරිසක් වෙසක් සිරි නැරඹීම සඳහා ගුවන් පාලම හරහා පාගමනින් යමින් සිටියදී එක් තරුණයෙකු ඝාතනයට ලක් වූ පුද්ගලයා අමතා “අංකල් පොඩ්ඩක් අයින් වෙලා නිදාගන්න” යැයි  පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *