භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුමින්ද සිල්වා මහතා පෙරේදා (10) රාත්‍රිය අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට නැවතත් ඇතුළත් කළ බවත් ඉන් අනතුරුව තත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරය රෝහලේ මාස ගණනාවක් රැඳී සිටි දුමින්ද සිල්වා මහතා වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ අනුව ඊයේ පෙරවරුවේ එම බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගත්හ.