ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති බව වාර්තා වේ.
විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වාර්තාව සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීමට අදාළ යෝජනාව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඊයේ පැවති දුම්රිය සේවක වර්ජනයට ප්‍රතිචාර දක්වමින් දුම්රිය සේවය පිළිබඳව දැඩි තීරණයක් ගෙන කැබිනට් මණ්ඩලයට යොමුකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.