දුම්රිය සිය ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා වසරකට බදු දීමට සැරසෙයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කෙටිකාලීන කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීමට රජය සැලසුම් කරයි.

අද පැවති සතිපතා කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මුළු රක්ෂිත ඉඩම් ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 14,000ක් වන බවත්, ඉන් 10%ක් පමණ විවිධ කටයුතු සඳහා බදු දී ඇති බවත් කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සඳහා වහා අවශ්‍ය බිම් කඩ නොව වගා කිරීමට සුදුසු දුම්රිය මාර්ග හා දුම්රිය ස්ථාන ආශ්‍රිතව පිහිටි රක්ෂිත ඉඩම් බදු දීම සුදුසු බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීමට මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමිවුණා.

අදාළ ප්‍රදේශවල දැනටමත් වගා කටයුතුවල යෙදී සිටින වගාකරුවන්ට, දුම්රිය මාර්ග අසල පදිංචිකරුවන්ට සහ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමුඛත්වය දෙමින් වසරක කාලයක් සඳහා බදු පදනම මත මෙම ඉඩම් ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *