දුම්රිය ස්ථානාධිපතිවරු ශ්‍රමදානයක

‘දිට්වා’ සුළි කුණාටුව හානිවූ පුත්තලම් මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන පිහිටි කඩුපිටි ඔය හරහා ඇති දුම්රිය පාළම සහ මාර්ගය යථා තත්වයට පත්කිරීමේ ශ්‍රමදානයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.

පුත්තලම් මාර්ගයේ දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් එම ශ්‍රමදානක් පැවැති අතර එම ප්‍රදේශයේ ඉවුර ඇතුළුව අඩි 65 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සොදාගෙන ගොස් තිබුණි.

මෙම ස්ථානය කඩිනමින් පිළිසකර කරන්නේ නම් හලාවත දුම්රිය ස්ථානය වෙත දුම්රිය ධාවනය කළහැකි බවත් හලාවත දුම්රිය ස්ථානයේ සිරවී ඇති දුම්රිය පහ ගමනාගමනයට එක්කිරීමට හැකිවනු ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *