දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ දිනය දීර්ඝ කරයි

මෙම දෙසැම්බර් මාසයට අදාල සියලුම දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මෙම මස 14 වන දින දක්වා නිකුත් කරන බවත් පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය මේ මස 19 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  මගී ජනතාව වෙත 2025 නොවැම්බර් මස අවසන් වන වාර ප්‍රවේශපත් 2025 දෙසැම්බර් මස 07 වන දින දක්වා ගමන් කිරීමේ පහසුකම් ලබා දීමට  දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *