දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙන්නේ වැඩ වර්ජනය හේතුවෙන් දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද ධාවනය නොවන බවයි.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සමග සිය අමාත්‍යාංශයේදී අද දිනයේ මේ පිළිඹද සාකච්ජා පැවැත්වෙන බවයි.