දුම්රිය රියදුරු විභාගයෙන් මගීන් පීඩාවට

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් ඊයේ(17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට ලක්විය.

උදෑසන සහ පස්වරුවේ දුම්රිය ගමන්වාර 25 ක් පමණ අවලංගු කිරීම හේතුවෙන් පාසල් සිසුන්, කාර්යාල සේවකයන් ඇතුළු මගී ජනතාව දැඩි අපහසුතාවයට  පත්විය.

විභාගය හේතුවෙන් දුම්රිය රියදුරු අසණීප නිවාඩූ වාර්ථා කිරීම හා තවත් දුම්රියන් පිරිසක් ද්විත්ව සේවා වාර වල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

මේ හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියයන් අවලංගු වීම් හා ප්‍රමාද වීම් සිදු වූ අතර දුම්රිය මගීන් පැය ගණන් වේදිකාවල රස්තියාදු වූ අතර ඇතැම් මගීන් බස් රථවලින් ගමන් කරනු ලැබීය.

කලින් ආසන වෙන් කල දුම්රියයන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා මෙමඟින් බාධාවක් මතු නොවූ බවත් දුම්රිය ප්‍රකාශකයකු පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *