දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ

දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා 2022 වර්ෂයේ අතුරු අයවැය ප්‍රතිපාදන මගින් රුපියල් කෝටි විස්සක් භාණ්ඩාගාරයෙන් ලබා දී තිබූ අතර ඉන් රුපියල් කෝටි 19ක් වැයකර දුම්රිය මැදිරි පහක් අලුත් වැඩියා කර තිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ අවසානයට පැවැති  රුපියල් කෝටි 797ක තොග ලිහිසි තෙල් සහ දුම්රිය ඉංජින අමතර කොටස් තොගයෙන් රුපියල් කෝටි 33ක් වටිනා තොග අයිතම වසර හතරක කාලයක් තුළ කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් වැය කර ආරම්භ කරන ලද ව්‍යාපෘතිය අවසන් කර තිබූ නමුත් එම පද්ධතිය ප්‍රායෝගිකව භාවිතා නොකිරීම හේතුවෙන් ව්‍යාපෘතියේ අරමුණු ඉටු නොවී දරන  ලද වියදම සම්පූර්ණයෙන්ම නාස්ති වී තිබූ බව වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *