දුම්රියට අලුත් ඩ්‍රයිවර්ලා

දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් දුම්රිය රියදුරන් එකසිය හැට දෙදෙනෙකු ලබන මාසයේදී බඳවා ගැනීමට කටයුතු කරගෙන යන  බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

මේ පිළිබඳ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම සම්මුඛ පරීක්‍ෂණ ඊයේ පැවැත්වුණු අතර අද සහ හෙටද පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *