දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් හැර සියලුම සේවකයන් ලබන අහරුවදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබේ.

වෘත්තීය සමිති 27ක් මෙම වර්ජනය සදහා එක් වන බව එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අතර, සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් පෙරේදා (11) දිනයේ කොළඹ ජාතික රෝහලේ රෝගීන් සඳහා රාත්‍රී ආහාර වේල ලබාදීමේ දී මධ්‍යම රාත්‍රිය අසන්න වූ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *