දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ගැමුනු දිසානායක මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ පෞද්ගලික රක්ෂණ සමාගම කැකිරාව ශාඛාවේ ප්‍රධාන කළමනාකර උපුල් ප්‍රියන්ත බණ්ඩාර නැමැත්තෙකි.

මිය ගිය දීඝ දන්තු හස්තියාගේ මරණ පරීක්ෂණය පශු වෛද්‍ය චන්දන රණසිංහ මහතා පැවැත් වු අතර අධික සැර විදුලි දාරාවක් ශරිරය හරහා ගමන් කිරීමත් සමග හෘදයට වූ හානි නිසා මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළේය.

වයස අවරුදු 45 – 50 අතර වයසැති දීඝදන්තු ඇතාගේ දළ යුගළ සමානව අඩි 4 අඟල් දෙකක් දියට වැඩි තිබු බව අධිකරණයේදී කියැවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *