දිත්වා ලංකාවේ භූමියෙන් සියයට 20ක් යට කරලා

නොවැම්බර් මස ලංකාවට බලපෑ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට 20ක් එනම් ආසන්න වශයෙන් හෙක්ටයාර් මිලියන 1.1ක ගංවතුර තත්ත්වයක් ඇතිව තිබුණ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

දිත්වා සුළි කුණාටුව පිළිබඳව එම ආයතනය සකස් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙයි. දිත්වා හේතුවෙන් ලංකාවේ ජනතාවගෙන් මිලියන 2.3ක් පීඩාවට පත්වූ බවද එම ආයතනය පෙන්වා දෙයි.

වාර්තා වී ඇති නාය යෑම් ප්‍රමාණය 1200කට ආසන්න වන අතර බලපෑමට ලක්ව ඇති නිවාස සංඛ්‍යාව 719000ක් පමණ වෙයි.

මෙම වාර්තාව සකස් කිරීමේදි ඔවුන් අදහස් ලබා ගත් ජනතාවගෙන් සියයට 93ක්ම තමන්ගේ ජීවිකාවට බාධාවක් ඇතිව තිබෙන බව පෙන්වා දී තිබේ. තම වගාවන්, සත්ත්ව පාලනය, ව්‍යාපාර වසා දැමීම, රැකියා අහිමිවීම වැනි ගැටලුවලට ජනතාව මුහුණ දී තිබේ.

දිත්වා හේතුවෙන් ලංකාවේ අක්‍රමවත් ශ්‍රම වෙළඳපොළට දැඩි බලපෑමක් ඇති බවත් ඔවුන් එයින් මුදවා ගැනීමට අඩු පොලී ණය, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සැපයීම, යටිතල පහසුකම් ගොඩ නැගීම වැනි මුල පීරීම් අවශ්‍ය බව එම වාර්තාවේ සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *