දැරියගේ අතවරය වසන් කළ විදුහල්පති ඇතුළු සිවු දෙනාට ඇප

පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.

සැකකරුවන්ට යළි  ලබන 22 අධිකරණයේ පෙනී සිටින ද ලෙස නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහරියේ  විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා උපදේශන ගුරුවරියක  සහ විනය කමිටුව බාර ආචාර්යවරියයි.

ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් බන්ධනාගාර ගත නොකරන්නේ  විදුහල්පතිවරයා ඇතුලු මෙම තිදෙනා පාසල තුල රාජකාරි කටයුතු කිරිම අවශ්‍ය නිසා බවත් අවවාද කරමින් ප්‍රකාශ කර සිටියේය.

සාක්ෂී කරුවන්ට කිසිදු බලපෑමක් නොකළයුතු බවත් එවැනි සිද්ධීයක් සම්බන්යෙන් තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගුකර නැවත  බන්ධනගාර ගත කරන බව ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *