දැරියකට දිවි අහිමිවූ සිද්ධියේ පාසල් විදුහල්පතිගේ ඇසකට හානි

පාසලක බැම්මක් කඩාවැටී දැරියට දිවි අහිමිවූ සිද්ධියත් සමග උරණවු පිරිසක් විසින් අදාළ පාසලේ විදුහල්පතිවරයාට පහරදීමක් සිදුකර තිබුණි.

වැල්ලම්පිටිය, වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ බැම්මක්  කඩා වැටීමෙන් සිසුවියක් මියගොස් තවත් දරු දැරියන් 05 දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබුණි.

අනතුර සැලවීමත් සමග ඇතිවූ කලබලකාරී තත්ත්වය සමග සිසු සිසුවියන් පිටතට යෑම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා පාසලේ ගේට්ටුව වසා දැමීමට උපදෙස් දී ඇති අතර, ඊට උරණ වූ මව්පියන් පිරිසක් පාසලට පැමිණ විදුහල්පතිවරයාට පහරදී තිබේ.

පහරකෑමෙන් ඇසකට හානි සිදුවී ඇති විදුහල්පතිවරයා මේ වනවිට අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

විදුහල්පතිවරයාගේ උපන් දිනයද අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ඔහු දරුදැරියන්ට ටොෆී හා ලොලිපොප් බෙදාදී තිබූ බවද වාර්තා වෙයි.

අද පෙරවරු 10.30ට පමණ එම පාසලේ ජල කරාම සවිකර තිබු කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.

පාසල තුළ ඇතිවූ තත්ත්වය සමතයකට පත් කරන්නට ග්‍රෑන්ඩ්පාස් හා දෙමටගොඩ පොලිස් නිලධාරීන්ට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද විදුහලට කැඳවීමට පියවර ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *