දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 කින් ඉහළට

මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  නිවේදනය කළේය.

පසුගිය වසරේ (2023) තෙවැනි කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් සටහන් වූ මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ (2024) තෙවැනි කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා වර්ධනය වී ඇති බවත් කෘෂිකාර්මික කටයුතු සියයට 3.0 කින් ද, , කර්මාන්ත කටයුතු සියයට 10.8 කින් ද, සේවා කටයුතු සියයට 2.6 කින් ද, වර්ධනය වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *