දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක්  සිදු කළේය.

විපතට පත් මියන්මාර වැසියන්ට සෙත් පතා මල්වතු අස්ගිරි මහා හිමිවරු දළදා මාලිගාවේ ඉහළ මාලයේදී  සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත්වූහ.

මෙම අවස්ථාවට වරකාගොඩ ශ්‍රී ඤාණරතන  අස්ගිරි  මහානාහිමි  , වේඩරුවේ උපාලි අස්ගිරි අනුනායක හිමි,  දිඹුල්කුඹුරේ විමලධම්ම  සහ නියංගොඩ විජිතසිරි  මල්වතු අනූනායක හිමිවරු,ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියහ.

එමෙන්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපතිනි මලර් තැන් හාටෙයික් මැතිණියද  මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *