දරුවන් තිදෙනා සමඟ මවක් වස පානය කර ජීවිතක්ෂයට

මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

මිය ගිය කාන්තාව 35 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා ගැහැනු දරුවන් දෙදෙනෙකු හා එක් පිරිමි දරුවෙකු බව සඳහන්ය.

මිය දරුවන් වයස අවුරුදු 09,08 සහ 07 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.

අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.

ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලලීසිය සැක පළ කරයි.

දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *