දයාසිරි මෛත්‍රීට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත යොමුකළ කරුණු පැහැදිලි කිරීමේ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය කළේ පසුගියදා ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් නෙරපා හරින ලද දයාසිරි ජයසේකර මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බලමිනි. මෙම වාරණ නියෝගය ඔක්තොම්බර් මස 5 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2023 සැප්තැම්බර් 18 වැනි දින නිකුත් කළ ලිපියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියෝග කර තිබුණා. ඔහු කියා සිටියේ අත්තනෝමතික ලෙස එවැනි ලිපියක් නිකුත් කිරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් පක්ෂ සභාපතිවරයාට කිසිදු බලතලයක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *