දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වසා තැබීමට පියවර

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද (05) සහ හෙට යන දෙදින තුළ තාවකාලිකව වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඇදිරි නීතිය ඉවත් කරනු ලබන හෙට දිනයේ අතිවිශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වුවහොත් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් කරුණු පැහැදිළි කිරීමෙන් අනතුරුව වෙළඳ සංගමය මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අලෙවි කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බව දඹුල්ල වෙළඳ සංගමය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *