දඹුල්ලේ විදෙස් සංචාරකයෝ පිරිලා , ආරක්ෂාව තර කරයි

විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ සීඝ්ර වර්ධනයත් සමඟ දඹුල්ල නගරයේ සහ දඹුල්ල අවට සංචාරකයන් ගැවසෙන ප්රදේශවල 25 අළුයම සිට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ බව මාතලේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගමගේ මහතා පැවසීය

පසුගිය දින කිහිපයට සාපේක්ෂව රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානය ඇතුළු සංචාරක හෝටල් මෙන්ම   නගරයේ විවිධ ස්ථානවල  විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ගැවසෙන බවට නිරීක්ෂණය වීමත් සමඟින් විශේෂයෙන්ම ආරක්ෂිත වැඩපිළිවෙළක් දඹුල්ල නගරය පුරා ක්රියාත්මක කළ බව පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව දඹුල්ල සහකාරව පොලිස් අධිකාරිවරයාගේ මෙන්ම මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරියේ රෝහණ ගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් රැසක් සංචාරක පොලිසියේ ද සහය ඇතිවෙයි දඹුල්ල රජමහා විහාරය දඹුල්ල උයන්වත්ත රාජමහා විහාරය ඇතුළු ආගමික  සිද්ධස්ථාන  මෙන්ම කණ්ඩලම ඇරෑවුල , ඉනාමලුව, දඹුල්ල නගරය ආදී සංචාරක හෝටල් බහුතරයක් ඇති ප්රදේශවල විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම හදිසි ම සෝදිසි කිරීම් මාර්ග බාධක යොදවා සැකකටයුතු වාහන පරීක්ෂා කිරීම  සැකකටයුතු පුද්ගලයන් පරික්ෂා කිරීම දවස පුරා ක්රියාත්මක කෙරිණි.

මෙහිදී සංචාරක කණ්ඩායම්  පොලිස් ආරක්ෂාව දැක දැඩි සතුටට පත්වීම විශේෂත්වයකි. එමෙන්ම ඇතැම් විදේශීය සංචාරක   කාන්තා පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප පවා ලබාගෙන සතුටින් පිටව  යන අයුරු දැක ගැනීමට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *