දඩ කොළය කඩිනම් කරන්න මෘදුකාංගයක්

සී.සී.ටී.වී කැමරා මගින් රථවාහන වැරැදි නිරීක්ෂණය කර රථවාහන නඩු ලබා ගැනීම කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සදහා උපකාරීවන නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලිසියට ප්‍රදානය කිරීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඕල්කට් මාවත පිහිටි සී.සී.ටී.වී කොට්ඨාසයේදී සිදුකෙරිණි.

තාක්ෂණික දැනුම සම්බන්ධ ආයතනයක් වන ප්‍රීමා කළමනාකරණ ආයතනය විසින් එම මෘදුකාංගය පොලිසිය වෙත පිරිනැමූ අතර පොලිසිය සහ ප්‍රීමා කළමනාකරණ ආයතනය අතර ගිවිසුම් අත්සන් කිරීම නිල වශයෙන් එහිදී සිදුකෙරිණි.

ප්‍රීමා කළමනාකරණ ආයතනයේ සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එම මෘදුකාංගය පිරිනැමූ අයුරු. පොලිස් සී.සී.ටී.වී කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති තිසර ගමලත්, සී.සී.ටී.වී කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහි වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *