දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි.
එම තීරණය අද (28) උදෑසන සිට ක්‍රියාත්මක අතර දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකිය.
එසේම කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරේ.
කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන තිබේ.