දක්ෂිණ අධිවේගයේ නායයාමෙන් STF නිලධාරීන් සිව්දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පින්නදූව සහ ඉමදූව අතර 102වන කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ගය දෙපසම කඳු මෙලෙස නායගොස් ඇති බවය.

එසේම එම කඳු ප්‍රදේශවල ඉහළ සිටින පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථානය කරා යොමුවන ලෙසත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *