සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරුමයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඊයේ (18) ආරම්භ කළේය.
සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදලේ ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 109,000 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 310 ක් පමණ) ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් මෙම ප්‍රදානය අනාගත පරම්පරාව සඳහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සුරැකීමට එක්සත් ජනපදයේ කැපවීම පිළිබිඹු කරන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.