තොරතුරු තාක්ෂණ විශේෂඥයින් 10,000කට ආසන්න පිරිසක් ලංකාව හැර යයි.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදය හේතුවෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින් රැසක් ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පවසයි.

මේ වන විට අවම වශයෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින් 10,000 ක් රට හැර ගොස් ඇති බව ඔහු පැවසීය.

“ලෝකයේ රටවල් කිහිපයක් ඩිජිටල්කරණය කරා ගමන් කරමින් සිටිනවා. ඒ නිසා ඒ රටවලට තොරතුරු තාක්ෂණ විශේෂඥයන් අවශ්‍යයි. කොවිඩ් වසංගතයත් සමඟ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් සඳහා ඇති ඉල්ලුම වැඩි විය,” ඔහු හෙළි කළේය.

දැනට පවතින දත්තවලට අනුව 10%කට ආසන්න හෙවත් 10,000කට ආසන්න තොරතුරු තාක්ෂණ විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බව හෙට්ටිහේවා වැඩිදුරටත් පැවසීය.

තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්ගේ ඉල්ලා අස්වීම්වලින් 20-25% කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විවිධ ආයතනවල වාර්තා වන්නේ වඩා හොඳ අවස්ථා හේතුවෙන් බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *