තොණ්ඩමන්ගේ තීරණය නිල වශයෙන් කියයි

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව තිරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ  හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තම පක්ෂයේ ජාතික සභාවේ සමාජිකයන් එක් වි ජනාධිපතිවරණයේදි සහය ලබාදෙන අපෙක්ෂකයා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කල බවයි.

එම සාකච්ඡාවේදි ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට තිරණය කළ බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

වසර දෙකක කාලයක් මේ රටේ පැවති ආර්ථික ගැටළු විසදමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමටත්, ඉඩම් අයිතිය ලබාදිමට එකග වි ඇති නිසා ජාතික සභාව එම තිරණය ගත් බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *